free web stats

ඉදිරි අයවැයෙන් සෞඛ්‍ය අංශයට වැඩි මුදලක් වෙන් කරනවා

ඉදිරි අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි මුදලක් වෙන්කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු නිරාකරණය කරමින් ඉදිරියේ දී මානව හා භෞතික සම්පත් වැඩි දියුණු කරන බව මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම ආයතන ප්‍රධානීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා සිටියා.

එම දිස්ත්‍රික්කයේ මූලික රෝහල් 4ක් ,ප්‍රාදේශීය රෝහල් 18ක් , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 14ක් සහ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 17ක් පවතින බවත්. ඒවායෙහි භෞතික හා මානව සම්පත් වර්ධනය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මඩකලපුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ශාඛාවක් පිහිටුවීම, වෛද්‍ය උපකරණ හා යන්ත්‍ර සූත්‍ර ලබාදීම , ප්‍රවාහන පහසුකම් වර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමුකෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *