බොරැල්ල අනතුරේ දොඹකර රියදුරු රිමාන්ඩ්- Update
බොරැල්ල ප්‍රදේශයේ ඊයේ (28) දින සිදුවූ මාරක රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු අගෝස්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
එමෙන්ම අධිකරණයට ඉදිරිපත් කළ අදාළ රථයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
බොරැල්ල පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
දොඹකරයේ රියැදුරා අද අධිකරණය හමුවට
බොරැල්ල කනත්ත වටරවුම අසල සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකරයේ රියැදුරා අද (28) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ 6 දෙනා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.
බොරැල්ල කනත්ත වටරවුම අසලදී ඊයේ (28) පෙරවරු 7.45ට පමණ දොඹකර රථයක් පාලනයෙන් ගිලිහී ගොස් මාරක අනතුරක් සිදුවුණා.
එම රථය යතුරුපැදි 6ක් යටකරමින් සහ මෝටර් රථ 3කද ගැටෙමින් වේගයෙන් ධාවනය විය.
අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගිය අතර තවත් 06 දෙනෙකු තුවාල ලැබූවා.
කොළඹ ජාතික රෝහල පැවසුවේ, ඒ අතරින් එක් අයෙකුගේ පාදය ඉවත් කිරීමටද සිදුවූ බවයි.
මෙම මාරක අනතුර සම්බන්ධයෙන් දොඹකර රථයේ රියැදුරා වන 26 හැවිරිදි පුද්ගලයා බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිවී තිබුණේ ඔහු ඒ වනවිට ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර සිට තිබූ බවයි.
ඊට අමතරව දොඹකර රථයේ හිමිකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.