free web stats

විය­ට්නා­මයට සුළි කුණා­ටුවක්

විය­ට්නා­මයේ මුහු­දු­බඩ ප්‍රාන්ත රැස­කට බලපා ඇති කජීකි සුළි කුණා­ටුව හේතු­වෙන් ලක්ෂ 6කට අධික ජන­තාව ඉවත් කිරි­මට බල­ධා­රීන් පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අධික සුළං තත්ත්ව­යත් සමඟ ධාරා­නි­පාත වර්ෂා­වක් ඇදහැලී­මෙන් පසු සුළි කුණාටු අන­තුරු ඇඟ­විම් ද නිකුත් කර ඇති අතර, ඊයේ පස්ව­රුව වන­ විට ‘හා ටින්‘ නමැති මුහු­දු­බඩ ප්‍රාන්ත­යට පැයට කිලෝ­මී­ටර් 130ක වේග­යෙන් කඩාවැදුණු සුළි කුණා­ටු­වෙන් නිවාස රැස­කට හානි සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

විය­ට්නා­මයේ කාල­ගුණ විද්‍යා ඒක­කය නිවේ­ද­නය කර ඇත්තේ සුළි කුණා­ටු­වත් සමඟ හදිසි ගංව­තුර සහ නාය යෑමේ තත්ත්ව­යක් උද්ගත විය හැකි බවයි.

පසු­ගිය වස­රේදී විය­ට්නා­ම­යට බලපෑ යාගි සුළි කුණා­ටු­වෙන් පුද්ග­ල­යන් 300කට අධික පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත්වූ අතර, එය ඉති­හා­ස­යට එක්වූයේ වසර 30කට පසු විය­ට්නා­ම­යට කඩාවැදුණු දරු­ණු­තම සුළි කුණා­ටුව ලෙස­ටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *