free web stats

මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු හෙට්න් ඇරඹේ

කොළඹ, මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු හෙට (15) ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එහිදී දුම්රිය ස්ථානයේ පවතින ඓතිහාසික ස්වභාවයට හානියක් නොවන ලෙස හා පැරණි ස්වභාවය රැකෙන අයුරින් අලුත්වැඩියාව සිදුකිරීමට අපේක්ෂා කරනු ඇති.

කොළඹ නගරයේ දෙවැනි විශාලතම දුම්රිය ස්ථානය වන මරදාන දුම්රිය ස්ථානය වඩාත් කාර්ය බහුල සහ පැරණිතම දුම්රිය ස්ථානවලින් එකකි.

1889 දී ලී ව්‍යුහයක් ලෙස ප්‍රථම වරට ඉදිකර තිබෙන මෙය මහනුවර සහ දකුණු මාර්ගවල මෙහෙයුම් කටයුතු මෙහි සිට මෙහෙයවා තිබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මෙහෙයුම් අධික වීමෙන් පසු අදාළ කටයුතු මරදාන දුම්රිය ස්ථානය වෙත මාරුකර තිබෙන බව ද සඳහන් වේ.

අනතුරුව 1893 ජූලි 12 වැනිදා ස්ථිර ගොඩනැගිල්ලක් විවෘත කර තිබේ.

ඒ සඳහා ගෘහ නිර්මාණ ශිල්පී සැලී මරියාකර් නැමත්තා විසින් බ්‍රිතාන්‍ය ශෛලියෙන් එම දුම්රිය ස්ථානය නිර්මාණය කර ඇති බව සඳහන් වේ.

මෙම දුම්රිය ස්ථානයේ ඉපැරණි බව ආරක්ෂා කරමින් මගී පහසුකම් වැඩිදියුණු කිරීම සහ යටිතල පහසුකම් නවීකරණය කිරීමට අපේක්ෂිත අතර ඒ සඳහා පෞද්ගලික අංශයේ සහායද හිමිව තිබෙන බවද සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *