free web stats

දිස්ත්‍රික්ක 09කට නායයෑම් අනතුරු

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 09ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම සංවිධානය දැනුම්දී ඇත්තේ අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල පහත් බිම් සහ බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.

ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *