දරුවන් වෙනුවෙන් සිනමාවට “සිහින සරුංගල්”
ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අංග රචනා ශිල්පී තාරක අධ්කාරි සමගින් ළමා ලොව ආකර්ෂණය දිනා ගත් දේශමාන්‍ය උපුල් වීරසිංහ දරුවන්ගේ “උපුල් මාමා” එක්ව සම අධ්‍යක්ෂනය කල කුළුදුල් ච්ත්‍රපටය “සිහින සරුංගල්” පසුගියදා රොක්සි වැල්ලවත්ත සිනමා පරීශ්‍රය තුලදී මංගල දැක්ම ඉතා උත්කර්ෂවත් අන්දම්න් පවත්වනු ලැබුවා.
මංගල දැක්ම නැරඹ්ම සදහා ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් සහභාගී වී සිට් අතර “සිහින සරුංගල්” ච්ත්‍රපටය ලෝක ළමා දිනයට සමගාමීව දිවයින පුරා සිනමාහල් තුළදී ප්‍රදර්ශන කටයුතුද එදිනම ආරම්භ කෙරුනා.
මෙහිදි රංගනයෙන් ළමා රංගන ශිල්පී මෙනික සෙනරත්,ඔමාමී චාතුර්යා,සස්නිත දෙව්මුතු,ලබැදි සෙනන්යා,සිතුම් ව්හන්සා,සදනි දිලස්සා,දායකත්වය ලබාදෙන අතර ප්‍රවීණ රංගන ශිල්පීන් වන රෝශාන් රණවන,හේමසිරි ලියනගේ,ක්ලිටස් මෙන්ඩ්ස්,ජනක රණසිංහ,සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ,කුමාර තිරිමාදුර,චමීර සිල්වා,ආනන්ද අතුකෝරළ,මනෝහාරී ව්මලතුංග,ශිරෝම්කා ප්‍රනාන්දු,උමා කරදෙගොල්ල,උපුල් වීරසිංහ යන රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් දායකත්වය ලබාදී තිබෙනවා.
එමෙන්ම තිර රචනයෙන් සනත් භාෂ්වර කරුණාරත්න දායකත්වය ලබාදී ඇති අතර කැමරා කරණය මංජුල පද්ම කුමාර ව්සින් සිදු කර ඇත.”සිහින සරුංගල් “ලස්සන නිර්මාණය නිශ්පාදන දායකත්වය ලබාදී ඇත්තේ නවීන් රත්නායක සමග රෝහණ වන්නීආරච්චී එක්වයි.
“සිහින සරුංගල්” දිවයින පුරා සිනමාහල් තුළදී දැන් සාර්ථකව ප්‍රදර්ශනය වේ.
සටහන
ශාලුක මදුශංක
“සිහින සරුංගල්” මංගල දැක්ම දා
Photos : චාරුක පෙරේරා





