free web stats

යුරෝපයේ හඳුනානොගත් ඩ්‍රෝන යානා නිසා වෙච්ච දේ

හඳුනානොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපොළ තාවකාලිකව වසාදැමීමට සිදුව තිබෙනවා.

ජර්මානු වේලාවෙන් ඊයේ (2) රාත්‍රී 10න් පසු ගුවන්ගමන් 17ක් අවලංගු කිරීමට සිදුව ඇති අතර, ඒ හේතුවෙන් මගීන් 3,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත් වූ බව සඳහවේ.

එමෙන්ම මියුනිච් වෙත පැමිණෙන ගුවන්ගමන් 15ක් ඔස්ට්‍රියාවේ වියානා ඇතුළු ජර්මනියේ ප්‍රදේශීය ගුවන්තොටුපොළ කිහිපයකට යැවීමට සිදුව තිබේ.

කෙසේ නමුත් එරට වේලාවෙන් අලුයම 5ට පමණ ගුවන්තොටුපොළ යළි විවෘත කර තිබෙනවා.

මීට පෙර මෙවැනිම හඳුනානොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් ඩෙන්මාර්කයේ ද මගීන් රැසක් පීඩාවට පත්ව තිබුණා.

ඒ හේතුවෙන් ඩෙන්මාර්ක ගුවන් කලාපයේ සියලුම සිවිල් ඩ්‍රෝන ගුවන්ගමන් තහනම් කළා.

එමෙන්ම පෝලන්තය සහ රුමේනියාව හරහා නේටෝ ගුවන් සීමාවේ මෙන්ම එස්තෝනියානු ගුවන් සීමාව උල්ලංඝනය කරමින්ද මීට පෙර ඩ්‍රෝන යානා ගමන්කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ලවිය. කෙසේ නමුත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *