ආණ්ඩුවේ උත්සාහය සහ විපක්ෂයේ නිහඬ භූමිකාව
ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින විශාලතම සමාජ ගැටළුවක් වන්නේ අයිස් මත්ද්‍රව්‍යය උවදුර හා පාතාල ක්‍රියාදාමයයි.
නිතරම රටේ විවිධ ප්‍රදේශවලින් විශාල අයිස් මත්ද්‍රව්‍ය තොග සොයාගැනෙන පසුබිමක,පාතාල ක්‍රියා කරුවන්ද අත්ඩංගුවට පත්වෙමින් සිට්නවා.
වර්තමානයේ මේ රජයෙන් මෙවැනි ක්‍රියාදාමයන් නොවන්නට අප රටේ තරුණ පරපුරේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට මේ උවදුරු වලට වැඩ් කාලයක් නම් ගතවන එකක් නැහැ.
මේ වැනි තත්ත්වයක් තුළදී සමාජය බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව හා විපක්ෂය එකට එක් වී ආන්ඩුවේ මේ ක්‍රියාදාමය සාර්ථක කිරීමට මැදිහත්වීමයි.
එහෙත් වර්තමාන සැබෑ තත්ත්වය වන්නේ වත්මන් ආණ්ඩුව දැඩිව උත්සාහ දක්වමින් මත්ද්‍රව්‍ය ජාලය හා පාතාලය විනාශ කිරීමට ක්‍රියාත්මක වුවත්, විපක්ෂය නම් මේ ගැටළුව පිළිබඳව මුනිවත රැකීමයි.
මෑත කාලයේදී පොලිසිය හා බුද්ධ් අංශ මගින් විශාල මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන පාතාලයේ ප්‍රබල ක්‍රියාකරුවන් අත්ඩංගුවට ගෙන ඇත.
ජාත්‍යන්තර මට්ටමින් ද මේ පිළිබඳව අවදානය යොමුවී ඇති පසුබ්මක, රජය රට තුළ අයිස් මත්ද්‍රව්‍ය ජාලය හා පාතාලය මැඩපැවැත්වීමේ සටන දැඩිව ගෙන යන බව නම් දැකිය හැක.
මෙවන් තත්ත්වයක් තුළදී විපක්ෂය කරන කාර්යයේ මූලිකව විය යුත්තේ
ආණ්ඩුවට නොපෙනෙන,ගිලිහෙන දුර්වලකම් පෙන්වා දීම,
අලුත් නීතිමය යෝජනා ඉදිරිපත් කිරීම,
සමාජය දැනුවත් කිරීම හා විකල්ප සැලසුම් ඉදිරිපත් කිරීමයි.
නමුත් අවාසනාවන්ත කරුණක් වනුයේ වත්මන් විපක්ෂය අයිස් මත්ද්‍රව්‍ය හා පාතාල ප්‍රශ්නය පිළිබඳව නිහඩ තත්ත්වයක සිටීමයි.
ව්වේචනයක් හෝ විකල්ප සැලසුමක් ද නොමැති අයුරින් විපක්ෂය සිටීම පිළිබඳ ජනතාවගේ විශ්වාසය ව්පක්ෂය කෙරෙහි දිනෙන් දින බිඳ වැටෙන තත්ත්වයකට පත්ව ඇත.
අයිස් මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාදාමයන් සමාජය තුලින් විනාශ කිරීම සුළුපටු ක්‍රියාවලියක් නම් නොවෙයි.
නමුත් වත්මන් ආණ්ඩුව මේ සටනේදී සක්‍රීයව නොබ්යව කටයුතු කරන අතර එහෙත්, විපක්ෂය තවමත් නිහඬව සිටීම ප්‍රජාතන්ත්‍රවාදයේ සත්‍ය අරමුණ නියෝජනය නොවීමකි.
ජනතාව අද බලාපොරොත්තු වෙන්නේ, විපක්ෂයත් තම වගකීම සපුරාලමින් අයිස් මත්ද්‍රව්‍යට හා පාතාලයට එරෙහිව ආන්ඩුව ගෙන යන දැඩ් ක්‍රියාමාර්ගයට ශක්තියක් ලබා දී ව්පක්ෂයේ දේශපාලන භූම්කාව තුළින් සමස්ත රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමයි.
නමුත් අවාසනාවකට තවම අපට එවැනි සුබවාදී ව්පක්ෂක ක්‍රියාවලියක් නම් පෙනෙන්නට නැත.

