free web stats

නීති විරෝධී සංවිධානයකට සැමරුම් පැවැත්වීමට කිසිම ඉඩක් නැහැ

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්, ලාංඡන, කොඩි, ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

නමුත් යම් තැනක මියගිය ඥාතීන් සමරනවා නම් ඊට බාධා කිරීමට රජයට අයිතියක් නැතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඊට අමතරව නීති විරෝධීව තහනම් කර ඇති සංවිධානයක සැමරුම් පැවැත්වීමට කිසිදු ඉඩක් නැතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *