උදේශිකා ප්‍රබෝධනී ඉතිහාසයට එක් වෙයි
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නී උදේශිකා ප්‍රබෝධනී කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියකදී කඩුල්ලක් දවාගත් වයස්ගතම ශ්‍රී ලාංකේය වේග පන්දු යවන්නිය බවට පත් වූවා.
ඇය වයස අවුරුදු 40යි දින 10ක් ගතවෙද්දී ගුවහාතිහිදී ඉන්දියාවට එරෙහි තරගයේදී ලකුණු 55කට කඩුලු 2ක් දවා ගැනීමත් සමඟ ඇගේ නාමය ක්‍රිකට් වාර්තා පොතේ සටහන් වූවා.
ජාත්‍යන්තර වෘත්තීය ක්‍රිකට් ජීවිතයේ වයස හතළිස් ගණන් දක්වා දිගු වූ සීමිත ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් අතරට ඇය ද මෙවර ලෝක කුසලාන තරගාවලියේදී එක් වූවා. කාන්තා එක්දින ලෝක කුසලාන දීර්ඝ ඉතිහාසය තුළ, වයස අවුරුදු 40දී කඩුලු දවා ගැනීමට සමත් වී ඇත්තේ ක්‍රීඩිකාවන් අතළොස්සක් පමණක් වන අතර, ප්‍රබෝධනී දැන් මේ දුර්ලභ සමාජයට එක්ව සිටිනවා.
නවසීලන්ත ක්‍රීඩිකා කැතලීන් ග්‍රීන් 1973දී වයස අවුරුදු 45යි දින 296දී එංගලන්තයට එරෙහිව තරග කළ අතර, එන්විස් විලියම්ස් (බටහිර ඉන්දීය කොදෙව්) 2005දී ඕස්ට්‍රේලියාවට එරෙහිව අවුරුදු 42යි දින 169දී, එනිඩ් බේක්වෙල් (එංගලන්තය) 1982දී අවුරුදු 41යි දින 35දී ඉන්දියාවට එරෙහිව, වෙරීනා ෆෙලිසියන් (බටහිර ඉන්දීය කොදෙව්) 2005දී අවුරුදු 40යි දින 136දී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු දවාගෙන ඇත.
මේ ලැයිස්තුවට ඇතුළත් වීමෙන්, ප්‍රබෝධනී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තාවක් පිහිටුවනවා පමණක් නොව, නැගී එන දක්ෂතා ඇති ක්‍රීඩිකාවන්ට බොහෝ දුර ගමනක් යා හැකි බවට ආදර්ශයක් ද ලබා දෙනවා.
2009දී මුල් වරට ශ්‍රී ලංකා පිලට පිවිසි ඇය මේ දක්වා එක්දින තරග 71කදී කඩුලු 38ක් හා විස්සයි20 තරග 106කදී කඩුලු 84ක් දවාගෙන තිබෙනවා.

