free web stats

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරයෝ ශ්‍රී ලංකා­වට

ඉන්දි­යා­වේදී නිමාව දුටු පැරා ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සහ­භා­ගිවී ලෝකඩ පද­ක්කම් 2ක් දිනා­ගත් නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝම­සිරි ඇතුළු ක්‍රීඩ­ක­යන් හා පුහු­ණු­ක­රු­වන් ඊයේ කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළෙන් යළි මෙර­ටට පැමි­ණි­යා.

රට­වල් 100ක ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 980ක සහ­භා­ගි­ත්ව­යෙන් ඉන්දි­යාවේ නව­දිල්ලි නුවර පැවති මේ තර­ගා­ව­ලි­යේදී දුර පැනීමේ ඉස­ව්වට සහ­භාගී වූ නුවන් ඉන්දික ඔහුගේ පෞද්ග­ලික හොඳම දක්ෂ­තා­ව­යෙන් හා මීටර් 1,500 දිවීමේ ඉස­ව්වට සහ­භාගී වූ ප්‍රදීප් සෝම­සිරි ආසි­යානු තරග වාර්තා­වක් බිහි කර­මින් ලෝකඩ පද­ක්කම් දිනා ගැනී­මට සමත් ව්ය.

මීටර් 100 සහ දුර පැනීමේ ඉස­ව්ව­ලට සහ­භාගී වූ ජනනි ධනං­ජනා ඇයගේ හොඳම තරග කාලය වාර්තා කළ අතර, දුර පැනීමේ ඉස­ව්වට සහ­භාගි වූ බුද්ධික ප්‍රනාන්දු ඔහුගේ දක්ෂ­තාව පෙන්නුම් කිරී­මට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *