free web stats

ළමයින් වෙනුවෙන් වේදිකාවට එන “අකුරු හකුරු”

සුගත් ශාන්ත මොරගහකුඹුර යනු සාර්ථක වේදිකා නාට්‍ය ගණනාවක නිශ්පාදක වරයෙකු අධ්‍යක්ෂවරයෙකු මෙන්ම වේදීකා හා ටෙලිනාට්‍ය,සිනමා දක්ෂ රංගන ශිලියෙකු ද වෙනවා.
එමෙන්ම ඔහු දශක ගණනාවක් පුවත් පත් මාධ්‍යවේදීයෙක් ලෙස ජාතික පුවත්පත් තුළ කටයුතු කළ ජේෂ්ඨ මාධ්‍යවේදීයෙකි.
ලංකාවේ පාඨක ආදරය දිනාගත් ජනප්‍රියතම නවකථා ගණනාවකම කතුවරයා වන්නේද සුගත් ශාන්ත මොරගහකුඹුරයි.

එවන් පසුබිමක සුගත් ශාන්ත මොරගහකුඹුරගේ ළමා නාට්‍ය නිර්මාණයක් වන “අකුරු හකුරු”වේදිකා නාට්‍ය මේ දිනවල අතිසාර්ථකව වේදිකා ගතවන ළමා වේදිකා නාට්‍යක් ලෙස අපට හදුන්වන්නට පුළුවන්.

දරුවන්ගේ චිත්තාවේගි සංකල්ප හා චරිත සංවර්ධනය තේමා කොටගත් මෙම නාට්‍යය සදහා ජීවනි මීගොඩ ව්සින්  නිෂ්පාදන දායකත්වය ලබාදී තිබෙනවා.

රිතුකි නිම්හාරා, විනුලි පුන්සිසි සදලි වික්‍රමසිංහ, නදී අලහකෝන්, කිසදු  ඩයස්  චින්තක පතිරණ ජීවනි මීගොඩ රංගනයෙන් දායකත්වය ලබාදී ඇති අතර සංගීතය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සමීර සුබසිංහ ව්සින් සිදුකර තිබෙනවා.

“අකුරු හකුරු”වේදිකා නාට්‍ය සදහා
ගීපද රචනයෙන් එක්වන්නේ සුනිලා විජේසිංහ,රිෂ්මිනා සමීන්,ශ්‍රිමා විතනගේ යන ගී පද රචකයන්ය.

එමෙන්ම විදුලි ආලෝකකරණය ජීනදාස හේන්ගොඩ සිදුකරන අතර පසුතල නිර්මාණය ඒ එච් සුනිල් සිදුකරනු ලබනවා.

ඔබත් ඔබේ දූදරුවන් හට “අකුරු හකුරු”වේදිකා නාට්‍ය නැරඹීමට අවස්ථාව උදාකර දීමට නම් ඔබේ පාසලේ හෝ අධ්‍යාපන ආයතනයේදී “අකුරු හකුරු”වේදිකා නාට්‍ය පෙන්වීමට දර්ශන වාර වෙන්කරවා ගැනීමට 0755924370 මෙම දුරකථන අංකය ඔස්සේ පුළුවන් කම ලැබෙනවා.

වේදිකා නාට්‍ය දරුවන්ට පෙන්ව්ය යුත්තේ ඇයි ?

අපේ පාසල් අධ්‍යාපනය අද දින තාක්ෂණය හා විද්‍යා දැනුම මත තිරසාරව ගමන් කරන අතර, එය දරුවන්ගේ බුද්ධිමය සංවර්ධනයට විශාල පදනමක් සැලසෙයි.

එහෙත් දරුවෙකු සම්පූර්ණ පුද්ගලයෙකු බවට පත් කිරීමට, විෂයානු බද්ධ දැනුමට අමතරව බාහිර හා කලාත්මක අංශද සංවර්ධනය කළ යුතු වෙනවා.

ඒ හේතුවෙන් පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට වේදිකා නාට්‍ය පෙන්වීම අත්‍යවශ්‍ය කාරනයක් වේ.

වේදිකා නාට්‍ය මගින් දරුවන්ට සමාජීය හා ආචාරාත්මක ගුණාංග බොහෝවිට උගන්විය හැක.
දෙබස් සදහා ඇහුම්කන් දීම,නාට්‍යයේ දකින සිද්ධීන් සහ චරිත මගින් ඔවුන්ගේ සිතට දැනෙන සජීවී බව, මනුෂ්‍ය සම්බන්ධතා සහ කණ්ඩායම් හැගීම වැනි මූලික ගුණ අන්තර්ගත කර ඔවුන්ට ලබාදිය හැක.

එමෙන්ම,දරුවන්ටද රංගනය කෙරෙහි ඇතිවෙන කැමැත්ත නිසාම ඔවුන් පාසල තුළ නාට්‍යයක් නිර්මාණය කිරීමට වූවද හැකියාව උදාවෙයි,
ඒ මගින් රඟපෑම තුළින් දරුවන්ගේ නිර්මාණාත්මක චින්තනය හා විචාරාත්මක හැකියාවද වර්ධනය වේ.

දරුවෙකු වේදිකාව මත රඟපාන විට, ඔහුන්ගේ සබකෝලය සහ භය මැකී යයි. එමඟින් විශ්වාසය හා මනෝබලය ශක්තිමත් වන අතර, තම හැකියාවන් ගැන ධෛර්යයෙන් යුතු අත්දැකීමක් ලබා ගනී. තවද, නාට්‍ය රචනය හා රඟපෑම මගින් දරුවන්ගේ භාෂා පරිහරණය, උච්චාරණය, සහ සංවාද හැකියාවන්ද වැඩි දියුණුවද සිදුවෙනවා.

කණ්ඩායමක් ලෙස නාට්‍යයක් සකස් කිරීමෙන් දරුවන්ට එකමුතුකම, සහයෝගය හා නායකත්වය වර්ධනය කිරීමටත් හැකිවෙනසේම, දේශීය නාට්‍යයන් මගින් දරුවන්ට තම සංස්කෘතිය හා පාරම්පරාව ගැනද දැනුවත් වීමටත් උපකාරී වෙනවා.

එබැවින් පාසල් දරුවන් හට අධ්‍යාපන ක්‍රියාවලියට බාහිරව වේදිකා නාට්‍ය නැරඹීමට අවස්ථාව උදාකර දීම අනිවාර්ය අංගයක් ලෙස ඇතුළත් කළ යුතු වෙනවා.

එය දරුවන්ට පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දීමට උපකාරී වනු ඇත.

සටහන
ශාලුක මදුශංක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *