free web stats

වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා

යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පස්වරුවේ වැවිලි සමාගම් නියෝජිතයන් සමඟ සාකච්ඡාවක්
ජනාධිපති කාර්යාලයේදී පැවැත්ව්ය.

වතු කම්කරු ජනතාවට ජීවත් වීමට සරිලන වැටුපක් ගෙවා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරිමේ අවශ්‍යතාව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනාධිපතිවරයා එම වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව වතු සමාගම් නියෝජිතයන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, එහිදී ඔවුන් ගේ සිය අදහස් සහ යෝජනා ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම, වැවිලි කර්මාන්තය නඟා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය පෙන්වා දෙමින් ඊට අදාළ රජයේ දායකත්වය උපරිම වශයෙන් ලබා දීමට කටයුතු කරන බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *