free web stats

උස්බෙකිස්තානය පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක්

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර ආරම්භ කරමින් අද (18) පැවති උස්බෙකිස්තානයට එරෙහි තරගයෙන් ලකුණු 26 – 14ක් ලෙස පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

මෙම තරගාවලිය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව මෙහි ‘ C’ කාණ්ඩයෙන් තරගවදින අතර, එහිදී ඔවුන් චීනය හා සිංගප්පූරුව සමගින්ද අද ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.

ඉන් සිංගප්පූරුවට එරෙහි තරගය ප.ව. 5:04ටද, චීනය සමග රාත්‍රී 9:50ටද පැවැත්වීමට නියමිතයි.

කාන්තා හා පිරිමි දෙයංශයෙන්ම දෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට ජපානය, හොංකොං, චීනය සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු පිරිමි සහ කාන්තා කණ්ඩායම් 24ක් සහභාගි වී සිටියි.

මෙම තරගාවලියේ සියලු තරග ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා රග්බි සංගමය අවස්ථාව ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *