free web stats

ලෙබනන් වැසියන්ට යළි සිය ගම්බිම් බලා යාමට ඊශ්‍රායලය සටන් විරාමයක

ඊශ්‍රායල-හිස්බුල්ලා සටන් විරාමය මේ වන විට ක්‍රියාත්මකයි.

බොහෝ ලෙබනන් වැසියන් කලකට පසු යළි සිය ගම්බිම් බලා පැමිණෙන ආකාරය දැක්වෙන දර්ශන විදෙස් මාධ්‍ය මේ වන විටත් වාර්තා කරමින් තිබෙනවා.

මෙම සටන් විරාමය ක්‍රියාත්මකවුවහොත් මෙලෙස නිමා වන්නේ ඊශ්‍රායලය සහ ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම අතර මාස 13කට වැඩි කාලයක් පැවති යුදමය තත්ත්වයයි.

සටන් විරාමය ආරම්භ වීමට පෙරද ඊශ්‍රායලය විසින් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායලය, දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට දැනුම් දී ඇත්තේ සිය ගම්බිම් බලා යාමට හදිසි නොවන ලෙසයි.

කෙසේවෙතත් දකුණු ලෙබනනයේ පදිංචිකරුවන් ඊශ්‍රායල හමුදාවෙන් අනතුරු ඇඟවීම් නොතකා ආපසු නිවාස වෙත පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සටන් විරාම ගිවිසුමට අනුව ඊශ්‍රායල හමුදා ලෙබනනයෙන් ඉවත් වන්නේ දින 60ක් තුළයි. ලෙබනනයේ දකුණුදිග ප්‍රදේශයට හිස්බුල්ලා සටන්කාමීන් 5,000ක් යැවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *