ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාම යයි
ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගොස් තිබෙනවා.
ඒ මහතා ඊයේ (27) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ජාතික බුද්ධි ප්‍රධානී ධූරයෙන් විශ්‍රාම ගත්තා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් වනිගසූරිය සිය වෘත්තීය ජීවිතය පුරාවට විශිෂ්ඨ අන්දමින් සේවයකළ නිලධාරියෙකි.
ඔහු ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කරමින්, රටේ බුද්ධි ජාලය ශක්තිමත් කිරීමට සහ ජාතික ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වන නියෝජිතායතන අතර සම්බන්ධීකරණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහාත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
මේජර් ජෙනරල් වනිගසූරිය ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් මෙම වසරේ ජනවාරි මාසයේදී එම ධූරයේ වැඩ භාර ගෙන තිබුණා.

