free web stats

මා කිසි­ව­කුට වැඳ­ගෙන යන්නේ නෑ

තමාට ජීවිත තර්ජ­නය ඇති බවට සඳ­හන් වන්නේ පොලි­ස්ප­ති­ව­ර­යා­ගේම වච­න­ව­ලින් බව පාර්ලි­මේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා.

මන්ත්‍රී­ව­රයා මේ බව පැව­සුවේ සමගි ජන බල­වේග ප්‍රධාන කාර්යා­ලයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින්.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රී­ව­රයා පැවසූවේ.

“පොලි­ස්ප­ති­ව­රයා නිර්දය ලෙස මාධ්‍ය­යට නිකුත් කළ ප්‍රකා­ශ­යෙන් මට අප­රාධ කල්ලිත් සමඟ ප්‍රශ්න­යක් තියෙන බව ඒ මොහොතේ දැන­ගත්තා. මගේ ජීවි­තය තර්ජ­න­යට ලක්ව ඇති බවට සඳ­හන් වන්නේ පොලි­ස්ප­ති­ව­ර­යා­ගේම වච­න­ව­ලින්. මා කතා­නා­ය­ක­ව­රයා හරහා පාර්ලි­මේ­න්තු­වේදී වර­ප්‍ර­සාද කඩ­වී­මක් ලෙස මේ කාර­ණය ඉදි­රි­පත් කළා.

මට දී ඇති ආර­ක්ෂාව තාව­කා­ලික බව පොලි­ස්ප­ති­ව­රයා සඳ­හන් කර තිබෙ­නවා. වෙඩි කන්න ඉන්න මිනිහා මා වන නිසා ඕනෑම වෙලා­වක මේ ආර­ක්ෂාව අයින් කිරී­මට හැකියි.

මා කිසි­ව­කුට වැඳ­ගෙන යන්නේ නෑ. යම් දේශ­පා­ල­ක­ය­කුට හෝ කිසිම අය­කුට මෙවැනි දේවල් සිදු නොවේ­වායි යන පණි­වි­ඩය දෙනවා. කථා­නා­ය­ක­ව­රයා හරහා නීත්‍ය­නු­කූ­ලව ආර­ක්ෂාව ලබා­ගැ­නීම පිළි­බ­ඳව පොලි­ස්ප­ති­ව­ර­යාට යම් ලැජ්ජා­වක් හෝ පසු­තැ­වී­මක් තිබේ­දැයි දන්නේ නෑ. මා නිවැ­රදි නීත්‍ය­නු­කූල මාර්ගය අනු­ග­ම­නය කළ නිසා සමාව ගන්නට යන්නේ නෑ. පොලි­ස්ප­ති­ව­රයා විසින් ව්‍යාපාර කත­න්ද­ර­ය­කුත් ප්‍රකාශ කර තිබෙ­නවා. පොලි­ස්ප­ති­ව­රයා මට කළු පැල්ල­මක් එකතු කිරී­මට උත්සාහ කර තිබෙ­නවා. ඒ සඳහා මම නීති­මය පැත්තෙන් කට­යුතු කර­නවා.

මම පාතාල කල්ලිත් සමඟ සම්බන්ධ කර ගැටු­මක් ඇති කිරී­මට හදන්නේ අනි­ය­මින් පොලී­සි­යට කරන්න බැරි දේ පාතාල කල්ලිය ලවා කර­වී­මට දැයි සැක­යක් තිබෙ­නවා. මා කළ වරද දේශ­පා­ල­නය කිරීම දැයි විමසා සිටි­නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *