free web stats

මෙක්සිකෝවේ ගින්නකින් 23ක් මරුට

වයඹදිග මෙක්සිකෝවේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර කුඩා ළමයින් ද සිටින බවයි.

එමෙන්ම මෙම ගින්න හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද සඳහන් වේ.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ද පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *