“රටම එකට” ජාතික මෙහෙයුමේ දින 03 තුල ප්‍රතිඵල
මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කර ගතවු දින 03 තුල පුද්ගලයින් 3,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයින පුරා සිදුකළ වැටලීම් 3,370කදී සැකකරුවන් 3,361 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඉන් සැකකරුවන් 06 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර තවත් 72දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළා.
එමෙන්ම මෙම මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු 38දෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් වේ.
දින 03 තුල සිදුකළ මෙහෙයුම් වලදී හෙරෝයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 91ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 185ක් ඇතුළු මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.

