ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට යන්න සූදානම්
ලබන මස 11 වැනිදා පාකිස්තානයේදී ආරම්භවන ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල මේ මස 8 වැනිදා රාවල්පින්ඩි බලා පිටත් වීමට නියම්තයි.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම වෙනස්කම් කිහිපයකින් සමන්විත වන අතර, සංචිතයේ සිටි නිෂාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ඩිල්ෂාන් මධුශංක සහ මිලාන් රත්නායක කණ්ඩායමෙන් ඉවත්කර ඔවුන් වෙනුවට ළහිරු උදාර, කමිල් මිෂාර, ප්‍රමෝද් මධුෂාන්, ඒෂාන් මාලිංග සහ වනිඳු හසරංග ඇතුළත් කර ඇත.
අනතුරුව ශ්‍රී ලංකා – පාකිස්තාන – සිම්බාබ්වේ අතර විස්සයි20 තුන්කොන් තරගාවලිය මේ 17 සිට 29 දක්වා රාවල්පින්ඩි සහ ලාහෝර් ක්‍රීඩාංගණවලදී පැවැත් වෙනවා.
විස්සයි20 තුන්කොන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලෙන් දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු හා නුවනිඳු ප්‍රනාන්දු ඉවත් කොට භානුක රාජපක්ෂ, ඒෂාන් මාලිංග හා දුෂාන් හේමන්ත සහභාගි කරවනු ඇතැයි ද වාර්තා වෙනවා.
පාකිස්තාන සංචාරය සඳහා ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යවා තිබෙනවා.
මේ එක්දින හා විස්සයි20 තරගවල ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය චරිත් අසලංකට පැවරී තිබේ.
ජාතික පිලෙන් ඉවත් කළ දුනිත් වෙල්ලාලගේ මේ මස 14 සිට 23 දක්වා කටාර්හි පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට තෝරා ගෙන තිබෙනවා.

