විශේෂ මෙහෙයුම් වලින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
පොලිසිය විසින් ක්රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ (10) දිනයේද පුද්ගලයින් රැසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී දිවයින පුරා පුද්ගලයින් 31,594 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී සැකපිට පුද්ගලයින් 693 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 31 දෙනෙකු හඳුනා ගෙන ඇති බවත් වරෙන්තුකරුවන් 288 දෙනෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම විවෘත වරෙන්තුකරුවන් 178 දෙනෙක්ද මෙහිදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
තවද බීමත් රියදුරන් 22ක් ද අපරික්ෂාකාරී ලෙස රියට පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 16ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
එමෙන්ම රථවාහන වැරදි සඳහා පුද්ගලයින් 4,320කට නීතිය ක්රියාත්මක කිරීමටද පොලීසිය කටයුතු කර ඇත.

