free web stats

රනිල්ට එරෙහිව ඉහළ අධිකරණයක නඩු

රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ(19) දැනුම් දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට මේ බව දැනුම් දුන්නේ, මෙම නඩුවට අදාළව තමන්ට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෝසමක් මගින් කර තිබූ ඉල්ලීම ඊයේ සලකා බැලුණු අවස්ථාවේදී.

කෙසේවෙතත් පැමිණිල්ල විසින් නඩුවේ විමර්ශන කඩිනමින් අවසන් කරන බව අධිකරණය හමුවේ පැවසීම හේතුවෙන් සිය සේවාදායකයාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත්කරන ලෙස කර තිබූ ඉල්ලීම ඉවත්කර ගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පියවර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *