free web stats

දිවුරුම් දුන් මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කෙරුණු එස්. එම්. නලීම් මහතා මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා.

ඒ, කථානායක අශෝක රංවල මහතා ඉදිරියේදීයි. පසුගිය මහ මැතිවරණට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඡන්ද 87,038 ක් ලබා ගනිමින් ආසන 02 ක් හිමි කර ගත්තා.

ඒ අනුව එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එම මන්ත්‍රී ධුරය සඳහා එස්. එම්. නලීම් මහතා නම් කිරීමට එම පක්ෂය තීරණය කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *