free web stats

පාර්ලිමේන්තුවේ අද වෙන්න යන දේ

පාර්ලිමේන්තුව අද සිට ලබන 06 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, කථානායක, ආචාර්ය අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාල යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඒ පිළිබඳ විවාදය අද සහ හෙට පැවැත්වීමටත් එහිදී තීරණය වූ බවයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.

එමෙන්ම ලබන වසරේ පළමු මාස 04 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය ලබන 05 වනදා සහ 06 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට ද තීරණය වූ බවයි සභා නායකවරයා පැවසුවේ.

මීට අමතරව ආණ්ඩු පාර්ශවය සහ විරුද්ධ පාර්ශවය සඳහා විවාද කාලය වෙන් කිරීම, කාරක සභාවල ආණ්ඩු පාර්ශවය සහ විරුද්ධ පාර්ශවයේ සම්මුතිය තීරණය කිරීම සහ තේරීම් කාරක සභා ස්ථාපිත කිරීම සහ ඊට අදාළ නාම යෝජනා ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සහ අනෙකුත් කාරක සභා පිහිටුවීම, ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය සහ 10 වන පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ස්ථාපිත කිරීමට ලැබී ඇති ඉල්ලීම් සලකා බැලීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරෙණු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *