free web stats

මහ ඔයේ පහත්බිම්වලට අධි අවදානම් ගංවතුරක්

ඉදිරි පැය 24 සඳහා අධි අවදානම් ගංවතුර ඇඟවීමක් මහ ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබේ.

මහ ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24ක කාලය තුළ දැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මහ ඔය නිම්නයේ පහත්බිම්වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුරක් ඇති විය හැකි බවට පුරෝකථනය කර තිබේ.

ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයන් කරා ළඟ වෙන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *