free web stats

ජනපති අනුර අද පාර්ලිමේන්තුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.

ඒ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගි වීම වෙනුවෙන්.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඬාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව අද සම්මත කරගැනීමට නියමිතව තිබෙනවා.

2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500ක් සඳහා වන මෙම පරිපූරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *