free web stats

මධුරෝගේ උප ජනාධිපතිනිය වෙනිසියුලාවේ නව නායකයා ලෙස දිවුරුම් දෙයි

වෙනිසියුලානු උප ජනාධිපතිනිය වූ 57 හැවිරිදි ඩෙල්සි එලොයිනා රොඩ්‍රිගස් ගෝමස් එරට නව නායකයා ලෙස දිව්රුම් දුන් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

දිවුරුම් දුන් ඇය එක්සත් ජනපදය සමඟ වැඩ කිරීමට එකඟ වන බව ජනාධිපති ට්‍රම්ප් සදහන් කර තිබෙනවා.

ඇය එක්සත් ජනපද නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, වෙනිසියුලාව නැවතත් ශ්‍රේෂ්ඨ කිරීමට අවශ්‍ය යැයි තමන් සිතන දේ කිරීමට අත්‍යවශ්‍යයෙන්ම කැමැත්තෙන් සිටින බවයි ජනාධිපති ට්‍රම්ප් පැවසූවේ.

එකසත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ වෙනිසියුලානු උප ජනාධිපතිනිය වූ ඩෙල්සි රොඩ්‍රිගස් සමඟ සාකච්ඡා කර ඇති අතර, ඇය එක්සත් ජනපදය සමඟ වැඩ කිරීමට එකඟ වී ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *