free web stats

ශ්‍රී ලංකා පිති­ක­රණ පුහු­ණු­වට රතෝර් එයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩා­යමේ පිති­ක­රණ පුහු­ණු­කරු ලෙස හිටපු ඉන්දීය ජාතික කණ්ඩා­යමේ පන්දු­වට පහර දීමේ පුහු­ණු­කරු වන වික්‍රම් රතෝර් මහතා පත් කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය පිය­වර ගෙන තිබෙනවා.

මේ වසරේ පැවැ­ත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩා­යම සූදා­නම් කිරීම කෙරෙහි මූලික අව­ධා­නය යොමු කර­මින් උප­දේ­ශක පද­න­මක් මත රතෝර් මහතා පත් කර තිබෙනවා.

ඉන්දීය ජාතික කණ්ඩා­යම නියෝ­ජ­නය කර­මින් ටෙස්ට් සහ එක්දින ජාත්‍ය­න්තර තරග ක්‍රීඩා කළ හිටපු ජාත්‍ය­න්තර ක්‍රීඩ­ක­යකු වන වික්‍රම් රතෝර් මහතා මේ මස 18 වැනිදා සිට මේ වසරේ මාර්තු 10 වැනිදා දක්වා ශ්‍රී ලංකා කණ්ඩා­යම සමඟ කට­යුතු කරනු ඇත.

ඔහු 2019 සැප්තැ­ම්බර් වසර 5කට ආසන්න කාලය තුළ ඉන්දීය පිරිමි ජාතික කණ්ඩා­යමේ සිය­ලුම ආකෘති සඳහා පන්දු­වට පහර දීමේ පුහු­ණු­කරු ලෙස සේවය කර ඇත.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩ­ලය යටතේ වන පුහු­ණු­ක­රු­වන්ගේ තෙවැනි ශ්‍රේණිය, ක්‍රිකට් ඔස්ට්‍රේ­ලියා පුහු­ණු­ක­රු­වන්ගේ තෙවැනි ශ්‍රේණිය සහ එංග­ලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආය­ත­නයේ පළමු ශ්‍රේණියේ පුහු­ණු­ක­රු­වකු ලෙස ඒ මහතා පුහුණු සුදු­සු­කම් සපුරා තිබෙනවා.

ඉන්දීය ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ රාජ­ස්ථාන් රෝයල්ස් කණ්ඩා­යමේ ප්‍රධාන සහාය පුහු­ණු­කරු ලෙස ද ඔහු කට­යුතු කර­මින් සිට්යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *