free web stats

බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහන අදින් ඇරඹේ

කොළඹ බේරේ වැවේ සූර්ය බලයෙන් ක්‍රියාකරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ යාත්‍රා නිළ වශයෙන් දියත් කිරීම අද සිදු කෙරෙනවා.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන්නේ, බස්නාහි පළාත් සභාව සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්වයි.

නාගරික පාරිසරික පද්ධති සුරැකීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් බේරේ වැව ප්‍රතිසංස්කරණ කාර්ය සාධක බලකාය විසින්, වැඩසටහන ක්‍රියාවට නංවන අතර ඒ අනූව කොළඹ නගරයේ ජල මාර්ග පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම සඳහා සූර්ය බලයෙන් ක්‍රියා කරනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ යාත්‍රා අද සිට යොදා ගැනෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *