free web stats

ආණ්ඩු­වට එක ප්‍රති­ප­ත්ති­යක් නෑ

ආණ්ඩු­වට එක ප්‍රති­ප­ත්ති­යක් නෑ. ආණ්ඩුවේ 159 දෙනාට තිබෙන්නේ ප්‍රති­පත්ති 159ක් යැයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බත්ත­ර­මුල්ල, නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පක්ෂ මූල­ස්ථා­න­යේදී පැවති මාධ්‍ය හමු­ව­ක­දී.

මෙහිදී වැඩි­දු­ර­ටත් පැවසූවේ,

“ලෙනින්ගේ ප්‍රති­පත්ති හඹා යනවා කියා ඔහුගේ ප්‍රති­පත්ති විශ්වාස කර­නවා කියා කට­යුතු කරන ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන්ගේ කිය­වීම ලෙනින්ට වඩා වෙනස්. මොකද ඒ අය විශ්වාස කරන්නේ මර්ද­නය තර්ජ­නය සහ බය කර තමන්ගේ දේශ­පා­ලන ගමන අර­ගෙන යන්න. මම හිතන්නේ ලාල්කාන්ත කීවා බෲස්ලී වගේ පහර දෙනවා කියලා. මේ යන විදි­හට නම් කොහො­මත් බෲස් ලී කෙසේ වෙතත් ගමේ ඉන්න කරාටේ මාස්ටර් කෙනෙක් අර­ගෙන පුහුණු වුණොත් හොඳයි කියා නම් හිත­නවා.

ලෙනින් ගාවට ගියත් බෲස්ලි ගාවට ගියත් ජනා­ධි­ප­ති­ව­රයා ගාවට ගියත් මේ හැමෝම තේරුම් ගන්න ඕනෑ අව­සා­න­යේදී ජන­තාව ඉස්ස­ර­හට එන්න ඕනෑ. තමන්ගේ අභ්‍ය­න්ත­රයේ ප්‍රශ්න ඇති. ඒවා අපට අදාළ නෑ. ජනතා කට­යු­තු­ව­ලදී ජන­තාව අප­හ­සු­තා­වට පත් කරන්න කට­යුතු කරන්න එපා. විජේ­වීර පටන් ගත් දේශ­පා­ලන න්‍යාය­පත්‍ර ඇතුළේ ඇත්ත­ටම පීඩිත පන්තිය වෙනු­වෙන් පෙනී හිටපු සම­හර අය අද අස­රණ වී පක්ෂය ඇතුළේ බලා­ගෙන ඉන්නවා. ඒ අයට දැන් ඇත්ත­ටම හිතෙ­නවා ඇත්තම ජේවීපී එක කොතැ­නද තියෙන්නේ කියලා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *