free web stats

රනිල්ට එරෙහි නඩුව හෙට යළි කැඳවයි

රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් යොදාගෙන පුද්ගලික විදෙස් සංචාරයක නිරත වීමේ චෝදනාවට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව හෙට දින (28) යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

මෙම නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක් හමුවේ නඩු පවරන බව, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පසුගිය නොවැම්බර් 19 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, විදෙස්ගත වීමට අවසර ඉල්ලමින්, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක, සිය නීතිඥවරු මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ මෝසම එදින කැඳවූ අවස්ථාවේදීයි.

මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට එංගලන්තයේදී ප්‍රකාශ කිහිපයක්ද ලබාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *