free web stats

GMOA සෞඛ්‍ය ඇමතිට පැය 48ක කාලයක් දෙයි

වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සාධනීය මැදිහත්වීමක් සිදු නොකළහොත් එළඹෙන පැය 48ක කාලයෙන් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අද (28) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වූ අතර එහිදී විධායක සභාවට ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පූර්ණ අවස්ථාව ලබාදී තිබෙනවා.

අද පැවැති මධ්‍යම කාරක සභාවේදී තීන්දු කිහිපයකට එළඹ ඇති අතර දැනට ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩ තවදුරටත් සිදුකිරීමට එහිදී තීරණය කර ඇත.

රෝහල් තුළ නොමැති ඖෂධ පිටතින් රැගෙනඒම සඳහා තුණ්ඩු ලිවීම තවදුරටත් සිදු නොකෙරෙන අතර දේශපාලන කණ්ඩායම්වලින් සිදුකෙරෙන සෞඛ්‍ය කඳවුරු සඳහා සහභාගී නොවීමටද මෙහිදී තීරණය කර තිබේ.

එමෙන්ම ද්‍යෛවරු ප්‍රමාණවත් නොමැති රෝහල් තුළ ඉදිකෙරෙන වාට්ටු සහ ඒකක ඉදිකිරීම් අවස්ථා සඳහා සහභාගී නොවීමට ද අද පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *