free web stats

ලෝක රූ රැජින තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගත් සබීනා දිවයිනට

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , එහි තුන් වන ස්ථානය මෙන්ම මෙම තරගාවලියේ ( Missis Photo Genie ) රූ රැජින ලෙස ද කිරුළු පළන් සබීනා යූසෆ් මහත්මිය අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ යළිත් මෙරටට පැමිණියා.

මෙම තරගාවලිය , ලෝකයේ රටවල් 60 ක තරගකාරියන් ගේ සහභාගීත්වයෙන් ඉකුත් 01/22 දින සිට 01/29 දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පවත්වා තිබුණා .

සබීනා යූසෆ් මහත්මිය අද අලුයම 02.45 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා .

ඇය පිළිගැනීම සදහා මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ , ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ” ගෝල්ඩ් රූට් ” මගී පර්යන්තය වෙත පැමිණ තිබුණා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *