free web stats

විප­ක්ෂ­යට චෝදනා නොකර ජන­තා­වගේ ඉල්ලීම් ඉටු­ කරන්න

විප­ක්ෂ­යට චෝදනා නොකර ජන­තා­වගේ ඉල්ලීම් ඉටු­කි­රී­මට ආණ්ඩුව කඩි­න­මින් ක්‍රියා­මාර්ග ගත­යුතු බව හිටපු රාජ්‍ය ඇමැති ජානක වක්කු­ඹුර මහතා ප්‍රකාශ කළා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පක්ෂ මූල­ස්ථා­නයේ දී ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට එක්වෙ­මින්.

එහිදී හිටපු රාජ්‍ය ඇමැති ජානක වක්කු­ඹුර මහතා වැඩි­දු­ර­ටත් පැව­සූවේ.

“වත්මන් ආණ්ඩුව බල­යට පත්වුණේ මේ රටේ මහ පාරේ තමන්ගේ ඉල්ලීම් දිනා­ගන්න කෑග­හපු පිරිස නිසයි. බල­යට පත්වුණු ගමන් ප්‍රකාශ කර සිටියා කිසිම කෙනෙක් උද්ඝෝ­ෂණ කළ යුතු නැහැ. ඒ පිරි­සගේ ආණ්ඩු­වක් තිබෙන්නේ කියලා. නමුත් අද තමන්ගේ ඉල්ලීම දිනා­ගන්න තමන්ගේ ගමේ ඒ ප්‍රදේ­ශයේ උද්ඝෝ­ෂ­ණ­යක් කර­ල­වත් බැරි වී තිබෙ­නවා.

ඒ නිසා අද සිය­ලු­දෙ­නාට ජනා­ධි­පති කාර්යා­ලය ඉදි­රි­පි­ටට එන්න සිදු වෙලා තිබෙ­නවා. එයට හේතුව මේ ආණ්ඩුව ඒකා­ධි­පති ආණ්ඩු­වක් වීමයි. දැන් මාදැ­ල්ක­රු­වන් විශාල පිරි­සක් ඇවිත් උද්ඝෝ­ෂණ කර­නවා. දැන් එයට කියා සිටින්නේ අධි­ක­ර­ණයේ ප්‍රශ්න­යක් තිබෙ­නවා ඉන්පසු සාකච්ඡා කර­න්නම් කියලා. මීට පෙර මෙවැනි ප්‍රශ්න තිබුණා නම් ප්‍රශ්නය කතා කරන්න පුළු­වන්. කතා කරලා පිළි­තු­රක් ලබා­දෙන්න පුළු­වන්. හැබැයි දැන් මොවුන් සෑම ප්‍රශ්න­යක්ම යට­ග­හ­නවා. උද්ඝෝ­ෂ­ණ­යක් කරන විට ඒ පිරි­සට විරු­ද්ධව දැන් ඇමැ­ති­වරු යම් යම් ප්‍රකාශ සිදු­ක­ර­නවා.

මේ ආණ්ඩුව බල­යට පත්ක­රන්න මහන්සි වූ පිරිස තමයි මේ අද උද්ඝෝ­ෂණ කරන්නේ. නමුත් මේ වර්ත­මාන ආණ්ඩුවේ පිරි­සට අම­තක වී තිබෙ­නවා ඔවුන් මෙතැ­නට පැමි­ණියේ කොහොම ද ? එයට උදවු කළේ කවුද කියලා. ඒ සියල්ල අම­තක කර තිබෙ­නවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *