free web stats

වී මිල රජය ප්‍රකාශයට පත් කරයි

2025 – 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අනුව අදාළ මිල ගණන් රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළා.

ඒ අනුව කීරී සම්බා වී කිලෝවක මිල රුපියල් 140, සම්බා වී කිලෝවක මිල රුපියල් 130, නාඩු වී කිලෝවක මිල රුපියල් 120කට මිලදී ගැනීමට නියමිතයි.

මෙවර වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *