මහින්දානන්දගේ අභියාචනා විභාගය අද
සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය ඔවුන්ගේ දඩුවම් වලට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය අද (10) දින ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම්තයි.
අද දින විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ දේශනක් ඉදිරිපත් කිරීම ද සිදුවෙනවා.
එමෙන්ම විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත වේ.

