සහල් ගබඩා පිරී ඉතිරි යයි
සහල් මිල තීරණය කරන මෙරට ප්‍රධානතම සහ පැරණිතම සහල් වෙළෙඳපොළ ලෙස සැලකෙන මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණය නිරීක්ෂණයට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එක්වූවා.
එම අවස්ථාවට ජාතික සමූකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වී තිබුණා.
අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, කුරුණෑගල වැනි වී වගා කරන දිස්ත්‍රික්කවල සිට සහල් මෝල් හිමියන් සිය සහල් නිෂ්පාදන මෙම වෙළෙඳපොළට රැගෙන එන අතර කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගරවල තොග වෙළෙඳුන් දෛනිකව සහල් මිලදී ගැනීමට මරඳගහමුල සහල් වෙළෙඳ මධ්‍යස්ථානය වෙත පැමිණෙනවා.
සහල් සැපයුම් දාමයේ තීරණාත්මක පුරුකක් ලෙස සැලකෙන මරඳගහමුල සහල් වෙළෙඳපොළ තුළ රජයේ ගබඩා පද්ධතියක් පවතින අතර 2013 වසරේ ඒවායේ ඉදිකිරීම් සිදු කර තිබුණත් මෙම වසර දක්වාම රජය විසින් එය භාවිතයට ගෙන තිබුණේ නැත.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව, වී අළෙවි මණ්ඩලය හා ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඒකාබද්ධව ගොවීන්ගෙන් රජයේ සහතික මිලට මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමඟ 2025 වසරේ යල කන්නයේදී මෙ. ටොන් 50,000කට ආසන්න වේලන ලද වී තොගයක් රජයට එක් රැස් කර ගැනීමට හැකිව තිබෙනවා.
එලෙස රජය මීලදී ගත් වී තොග, රට පුරා සිටින සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ලවා සහල් බවට පත්කර වෙළෙඳපොළට ක්‍රමානුකූලව මුදාහැරීම සදහා ගබඩා කරන අතර වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 50,000ක් සහල් බවට පත්කර වෙළඳපොලට නිකුත්කිරීම අරඹා ඇති බව මරඳගහමුල පිහිටි රජය සතු ගබඩා සංකීර්ණයේ රජයේ සහල් තොග නිරීක්ෂණයට එක් වූ වෙළෙඳ අමාත්‍යවරයා පැවසූ කතාව.
VIDEO

