free web stats

ජනපති අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක්

මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්වය හේතුවෙන් අතවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වා ගෙන යාමේදී මතු වී ඇති තත්වයන් පිළිබඳව අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් අද (15) ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී විශේෂයෙන් සෞඛ්‍ය සේවය නිසි පරිදි පවත්වාගෙනය යාම පිළිබඳ විශේෂ අවධානය යොමු වූ අතර ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීයව පවත්වා ගෙන යාමේ හැකියාවන් පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපති තුමා උපදෙස් ලබා දුන්නා.

එසේම කෘෂි කර්මාන්ත, ධීවර හා කර්මාන්ත අංශයන්හි ඉන්ධන අවශ්‍යතා සැපයීම වෙනුවෙන් ඩිජිටල් කේත ක්‍රමය (QR) කඩිනමින් විධිමත් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපති තුමා පෙන්වා දුන්නා.

අධ්‍යාපන ආදී ක්ෂේත්‍රයන් පවතින තත්වය හමුවේ පවත්වාගෙන යා යුතු අකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ අතර ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේදයක් තහවුරු කිරීම වෙනුවෙන් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලා කරුණු ඉදිරිපත් කරන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා ව්සින් උපදෙස් ලබා දී තිබෙනවා.

මතු වී ඇති මෙම තත්වය අපට පූර්ව උපකල්පන ඉදිරිපත් කළ හැකි තත්වයක් නොවන බවත්, මතුවන නව තත්වයන් පිළිබඳ නිරන්තර අධීක්ෂණය පවත්වාගෙන යමින් රටක් ලෙස මේ අභියෝගයට සාමුහිකව මුහුණ දීමේ අවශ්‍යතාවය ගැනද අවදානය යොමු ව්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *