කර්මාන්තකරුවන්ට ඉන්ධන
කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි කළමණාකරන අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, තොග ගැනුම්කරුවන්ගේ ඇනවුම්වලට අදාළව අවශ්‍ය තෙල් සැපයිමට කටයුතු කරන බවයි.
සෙසු කර්මාන්තකරුවන් සඳහා ද දෛනික අවශ්‍යතාවය මත ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා.
කළමණාකරන අධ්‍යක්ෂක වරයා ඉල්ලා සිටින්නේ කර්මාන්තවලට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන ලබා ගැනිමෙන් වළකින ලෙසයි.

