free web stats

ජනපති අනුරගේ මැදිහත් වීමෙන් ලැබුණු ඉන්ධන නැව අද දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස අද (28) මෙරටට ඉන්ධන නෞකාවක් ලැබීමට නියමිතව තිබෙනවා.

ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් මෙම නෞකාව අද දිනයේදී කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ඉන්ධන තොගය මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයේ තවත් එක් පියවරක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *