free web stats

ඉරානය යළි හෝමූස් වසා දමයි

හෝමූස් සමුද්‍ර සන්ධිය අද (18) සිට යළිත් වසා තැබීමට පියවරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) මූලස්ථානය පවසනවා.

ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය එහි පෙර පැවති “දැඩි කලමනාකරණ” තත්ත්වයට නැවත පැමිණ ඇති බව එම බළකාය පවසා ඇත.

අමෙරිකාව දිගින් දිගට සිය වරායන් අවහිර කිරීමට කටයුතු කිරීම මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට හේතුවූ බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ අතර ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ්ද මීට පෙර අනතුරු අඟවා තිබුණේ, අමෙරිකාව සිය වරායන් අඛණ්ඩව අවහිර කළහොත් හෝමූස් යළි විවෘතව නොපවතිනු ඇති බවයි.

ඉරානයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ‘IRIB’ මීට පෙර නිවේදනය කර තිබුණේ, ප්‍රධාන නැව් මාර්ගය යළි වසා දමා ඇති බවත්, ඒ හරහා නෞකාවලට ගමන් කිරීමට ඉරාන අනුමැතිය අවශ්‍ය බවයි.

මෙම සතිය මුලදී හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධනේ නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකාව පවසා සිටියේ, ඉරානය වෙත පැමිණෙන සහ ඉරානයෙන් පිටව යන සියලුම නෞකාවන්ට හෝමූස් හරහා ගමන් කිරීමට අවසර නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *