free web stats

අර්බු­ද­යට ප්‍රධා­න­තම හේතුව ගල් අ­ඟුරු අක්‍ර­මි­කතා

අලුත් අවු­රුද්ද උදා වුවද ජන­තා­වට උරුම වී ඇත්තේ අභි­යෝග කන්ද­රා­වක් බව ජාතික නිද­හස් පෙර­මුණේ නායක විමල් වීර­වංශ මහතා පවසනවා.

බත්ත­ර­මුල්ලේ පිහිටි පක්ෂ මූල­ස්ථා­නයේ ඊයේ (19) පැවති විශේෂ මාධ්‍ය හමු­ව­කදී විමල් වීර­වංශ මහතා මේ බව කියා සිටි­යා.

වත්මන් විදුලි අර්බු­ද­යට ප්‍රධා­න­තම හේතුව “ගල්අ­ඟුරු මිලදී ගැනී­මේදී සිදුවූ අක්‍ර­මි­කතා” බව පැවසූ ඒ මහතා විදුලි ඒක­ක­යක පිරි­වැය කිහිප ගුණ­ය­කින් ඉහළ ගොස් තිබෙන්නේ එම අක්‍ර­මි­ක­තාව නිසා බව පැවසූවා.

විමල් වීර­වංශ මහතා වැඩි­දු­ර­ටත් පැවසූවේ,

රටේ විදුලි අව­ශ්‍ය­තා­ව­යෙන් 40%ක් සප­යන නොරො­ච්චෝලේ බලා­ගා­ර­යට අවශ්‍ය ගල්අ­ඟුරු තොග නොමැති වීමෙන් ජාතික පද්ධ­තිය බර­ප­තළ රික්ත­ය­කට ඇද වැටී තිබෙ­නවා.
බාල ගල්අ­ඟුරු පවා ගොඩ­බා­ගන්න බැරි තත්ත්ව­යක් තුළ, නොරො­ච්චෝලේ අක්‍රිය වූ විට ඇති­වන හිඩැස පිර­වී­මට රජ­යට විකල්ප නැහැ. මෙහි ප්‍රති­ඵ­ල­යක් ලෙස නුදු­රේ­දීම ජන­තා­වට කළු­වරේ ඉන්න­ටත්, දාඩිය දම­මින් පීඩා විඳි­න්න­ටත් සිදු­වන නිල නොවන විදුලි කප්පා­දු­වක් දැන­ට­මත් ආරම්භ වී තිබෙ­නවා,

එප­ම­ණක් නොව, විදු­ලිය නිප­ද­වීම සඳහා ජලා­ශ­වල ජලය අසී­මි­තව පාවිච්චි කිරීම හේතු­වෙන් නුව­ර­එ­ළිය ඇතුළු ප්‍රදේශ කිහි­ප­යක පානීය ජල හිඟ­යක් මතු වී තිබෙ­නවා. ඉදි­රි­යේදී ගොවි­යාට වගා කිරී­මට වතුර නැති වන තත්ත්ව­යක් උදා­වන බවට අන­තුරු අඟවා තිබෙ­නවා.

අද රට පාල­නය කරන්නේ “කැසිනෝ ධම්මික” නමැති ව්‍යාපා­රි­කයා. ස්පොට් ටෙන්ඩර් හරහා ගල්අ­ඟුරු ගෙන්වීමේ මග­ඩිය පසු­ප­සත්, රාජ්‍ය ආය­ත­න­වල ප්‍රධා­නීන් පත් කිරීම පිටු­ප­සත් සිටින්නේ මොහුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *