free web stats

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ ඉරාන ජාතිකයින්

ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා අද(28) වන දින ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.

ඒ , 2019 වසරේ කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදි හෙරොයින් කිලෝග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධ චෝදනාවන්ට ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුවයි.කොළඹ මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය ලබා දුන්නේ.

2019 වසරේ ජූලි 12 වනදා කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *