free web stats

ආදායම් වියදම් වාර්තා භාරදී ඇති මහ මැතිවරණ අපේක්ෂකයි

පසුගිය මහ මැතිවරණයට තරග කළ අපේක්ෂකයින් 8,361 දෙනා අතරින් 7,412 දෙනෙකු ආදායම් වියදම් වාර්තා භාරදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම වාර්තා භාරදීමට ලබාදී තිබූ කාලය ඉකුත් 06 වන සිකුරාදා මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වුණා.

ඒ වන විට අදාල පිරිස ආදායම් වියදම් වාර්තා භාරදී තිබූ බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

පසුගිය මහ මැතිවරණයට දිස්ත්‍රික්ක 22 න් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් 690 ක් තරග කළා. ඒ අතරින් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 493 ක් ආදායම් වියදම් වාර්තා භාරදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

නම් කරන ලද ජාතික ලැයිස්තු අපේක්ෂකයන් 527 දෙනාගෙන් ආදායම් වියදම් වාර්තා භාරදී ඇත්තේ 434 දෙනෙකු පමණක් බවද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *