free web stats

කෝලිට ලැබුණු දඩය

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද මෙන්බර්න්හිදී ආරම්භ වූ සිව්වන ටෙස්ට් තරඟයේදී පිටියේ නොහොඹිනා හැසිරීමක් හේතුවෙන් ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිට දඩ නියම කිරීමට එම තරඟයේ තීරකවරයා කටයුතු කර තිබෙනවා.

සිය මංගල තරඟයට ක්‍රීඩා කරන 19 හැවිරිදි සෑම් කොන්ටාස්ගේ උරහිසේ සිතාමතා ගැටීම සම්බන්ධයෙනුයි විරාත් කෝලිට චෝදනා එල්ල වී ඇත්තේ.

ඒ අනුව කෝලිට හිමි තරඟ ගාස්තුවෙන් සියයට 20ක දඩයක් සහ ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එක් කිරීමට තරඟ තීරකවරයා පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *