free web stats

නව වසරේ අසිරිය සමඟ අන්තර් ජාලයට එක්වූ විපරම නිව්ස්

පළමුවෙන් නව වසර උදාවූයේ කිරිබාති රාජ්‍යයට වන අතර ඉන් අනතුරුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවලට නව වසර උදාව්ය.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට නව වසර උදාවූයේ ඉන් අනතුරුවයි.

විවිධ සැමරුම් හා විචිත්‍රවත් අවස්ථා සඳහා සම්බන්ධ වෙමින් ජනතාව 2025 නව වසර පිළිගෙන තිබුණි. 

නව වසර උදාව සැමරීම වෙනුවෙන් විශාල පිරිසක් ඊයේ (31) රාත්‍රියේ ගාලු මුවදොර පිටියට සහ කොළඹ අශ්‍රිත ප්‍රදේශ රැසකට එක් ව සිටි බව “විපරම නිව්ස්” අප වාර්තාකරුවන් සඳහන් කළා..

දිවයිනේ ස්ථාන බොහොමයක මල්වෙඩි සංදර්ශන ඇතුළු ගිනිකෙළි සංදර්ශන රැසක් පැවති බව සඳහන්.

2025 නව වසර උදාව වෙනුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් මෙන්ම විශේෂිත මාර්ග සැලැස්මක් ක්‍රියාත්මක කර තිබුණා.

ලැබුවාවු 2025 නව වසර සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවායි “විපරම නෙට්වර්ක් ආයතනයේ ” විපරම ප්‍රවෘත්ති වෙනුවෙන් ලක්වාසී සියලුදෙනාට ප්‍රාර්ථනා කරන අතර නව වසරේ අද දින සිට ප්‍රවෘත්ති නිවැරදිව අපක්ෂපාතීව ව්ශ්වාශයෙන් ඔබට www.viparamanews.lk අප වෙබ් අඩව්ය තුළින් නැරඹීමට හැකියාව උදාවේ.

One thought on “නව වසරේ අසිරිය සමඟ අන්තර් ජාලයට එක්වූ විපරම නිව්ස්

  • January 2, 2025 at 7:30 pm
    Permalink

    ඉතා වැදගත් කාලීනව සිදුවිය යුතු දෙයක් !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *