නව වසරේ එන ක්ලීන් ශ්‍රී ලංකා
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීම රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද උදෑසන ආරම්භ කෙරුනා.
ඒ අනුව රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් නිල ජාතික උත්සවය ජනාධිපති කාර්යාලයේ පැවැත්වූ අතර මීට සමගාමීව සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන තුලද මෙම වැඩසටහන දියත් කෙරුනා.
ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීමේ ජාතික උත්සවය සියලු රජයේ සහ පෞද්ගලික විද්‍යුත් නාළිකා මඟින් විකාශනය කිරීමට කටයුතු සලසා තිබූ අතර සියලු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට එය නැරඹීමේ පහසුකම සලසා දී තිබුණා.
ඒ අනුව සියලු රාජ්‍ය සේවකයින් ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිඥාව කියවීම සඳහා සජීවීව සම්බන්ධ විය.

