free web stats

ජනපතිගේ චීන සංචාරයේදී සිදුවෙන දේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කරන නිල සංචාරයේදී එරට ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. 

චීන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 14 වනදා සිට 17 වනදා දක්වා එරට සංචාරයේ නිරත වනවා. 

එම සංචාරය අතරතුරදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අගමැති ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි යන මහත්වරුන් ද හමුවීමට නියමිතයි. 

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අමාත්‍යංශය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *