free web stats

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය ලබන මාසයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 17 වන දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ, මහේන් වීරමන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත්තා.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය පෙබරවාරි මස 17 වන දා දක්වා කල් තැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *