බස් රථ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළට PHOTOS
තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට පත්ව තිබේ.
අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා පවසනවා.
අනතුරින් විදෙස් ජාතිකයෙක් සහ කුඩා ළමුන් තිදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අනතුර සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අනතුරින් පසු අවහිර වූ මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත් කළ බවත් පොලිසිය පවසනවා.
වැසි සහිත කාලගුණයක් පැවැති අවස්ථාවේදී මෙම බස් රථ දෙක අධික වේගයෙන් ගමන් කර ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති බවත් මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවද පොලිසිය පවසනවා.



